News

ජාතික විධායක සභාවේදී වැදගත් කරුණු රැසක් පිළිබඳ අවධානය

අගවිනිසුරුවරයා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙමින් පවතිද්දී අරලියගහ මන්දිරයේ හිටපු ජනාධිපතිවරයා සමගින් රැඳී සිටීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ (27) රැස්වූ ජාතික විධායක ස

""අගවිනිසුරුවරයා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙමින් පවතිද්දී අරලියගහ මන්දිරයේ හිටපු ජනාධිපතිවරයා සමගින් රැඳී සිටීම සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ (27) රැස්වූ ජාතික විධායක සභාව තීරණය කල බවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යය වෙත පවසා ඇත .

ජාතික පුවත්පත් වාර්තා පෙන්වාදී ඇත්තේ මෙම සිද්ධියට අදාලව අගවිනිසුරුවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බැවින් අගවිනිසුරුවරයා සම්බන්ධයෙන් මෙසේ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ජාතික විධායක සභාව තීරණය කර ඇති බවයි.

 
ඊට අමතරව කඩිනම් ව්‍යස්ථා ප්‍රතිසංස්කරණ ගෙනඒම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, තොරතුරු දැනගැනීමේ පනත නීතියක් බවට පත්කරගැනීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ඊයේ රැස්වූ ජාතික විධායක සභාවේදී අවධානය යොමුකොට ඇති බවයි වාර්තාවන්නේ.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com