Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

තරුණ තරුණියන් වෙනුවෙන් පැෆ්රල් වෙතින් පාඨමාලාවක්

13 January, 2022

වගකීම් සහගත දැනුවත් තරුණ ප්‍රජාවක් නිර්මාණය කරගැනීමේ අරමුණින් පැෆ්රල් සංවිධානය විසින් සකස්කරන ලද පුහුණු පාඨමාලාවක් පසුගියදා ආරම්භ විය.

සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන්ම පැවැත්වෙන සය මාසික පාඨමාලාවක් වන මෙම පාඨමාලාව සඳහා සමස්ත දිවයින ආවරණය වන පරිදි තරුණ තරුණියන් 200 දෙනෙකු තෝරාගෙන ඇති අතර එදිනෙදා සිය ජීවිතයට අවශ්‍ය වන නීති රීති පිළිබඳව එහිදී ඔවුන් වැඩි වශයෙන් දැනුවත් කිරීමට නියමිතය.

මැතිවරණ නීති රීති  හා ක්‍රමවේදයන්, ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය, මානව අයිතිවාසිකම්, පරිසර ආරක්ෂණය, අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ නීති  හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පිළිබඳව මෙහිදී පුලුල් ලෙස අවබෝධය ලබාදීමට නියමිත අතර ඔවුන් ලබාගන්නා දැනුම, ගැටලු සහගත සමාජ තත්ත්වයන් තුළදී ප්‍රායෝගිකව භාවිතයට ගැනීමට උනන්දු කරවීම මෙම පාඨමාලාවේ අරමුණයි.

මම පාඨමාලාව සඳහා අත්දැකීම් බහුල සම්පත්දායකයින් සම්බන්ධ වන අතර පාඨමාලාව සාර්ථකව අවසන් කරන අය හට වටිනා සහතික පත්‍රයක්ද පිරිනැමීමට නියමිතය.

දෙමළ මාධ්‍යය වැඩමුලුවේ පළමු සැසිය මැතිවරණ කොමිසමේ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතාගේ සම්පත් දායකත්වයෙන් පසුගිය 12 වන දින පවත්වන ලදී.


ඇමරිකානු හිටපු ජනපතිවරයෙකු වන ෆ්‍රෑන්ක්ලීන් ඩී රූස්වෙල්ට් මහතා වරක් ප්‍රකාශකොට තිබුණේ අපට සෑමවිටම අපගේ තරුණ පරපුර සඳහා අනාගතය ගොඩනැගිය නොහැකි නමුත් අනාගතය සඳහා අපේ තරුණ පරපුර ගොඩනගා ගතහැකිය යනුවෙනි.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: [email protected]

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks