කිළිනොච්චි දිස්ත්රික්කයේ පිහිටා ඇති ප්රාදේශීය ලේකම් බලප්රදේශ හතර අතරින් විශාලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය වනුයේ වර්ග කිලෝමීටර් 448 75 ක් පුරා විහිදී ඇති පුනකාරී ප්රාදේශීය ලේකම් බලප්රදේශයයි. විශාලම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය වුවද මෙම බල ප්රදේශය සමන්විත වනුයේ කොට්ඨාස 93 ක් නියෝජනය වන ග්රාම නිලධාරී වසම් 19 කිනි. යුද්ධයේ පසු බලපෑමට ලක්වූ මෙම ගම්මානවල ජනතාව ඉතා දුෂ්කර දිවි පෙවෙතක් ගත කරන අතර යුදමය වාතාවරණය තුල විවිධ ප්රදේශවලට රැකවරණය පතා යන්නට සිදුවීම හේතුවෙන් ඔවුන්ගේ මූලික ලේඛන අහිමිවීම නිසා විවිධ ආයතනවලින් සේවාවන් ලබා ගැනීමට යාමේදී මෙන්ම මැතිවරණවලදී ඡන්දය ප්රකාශ කිරීමේදී බාධා හා විවිධ දුෂ්කර තාවයන්ට මුහුණදීමට සිදුව ඇත.
මේ තත්ත්වයට පිළියමක් ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව පැෆ්රල් සංවිධානය විසින් පුනකරී ප්රාදේශීය ලේකම් බල ප්රදේශය ආවරණය වන පරිදි ජංගම සේවාවන් දෙකක් පැවැත්වීමට මේ වන විටත් සියළු කටයුතු සංවිධානය කොට ඇත.