Breaking News
** We are excited to announce that our PAFFREL Team has moved to a new location in Kirulapana                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ ප්‍රමාදවීම පිළිබඳව ජනතාවට මැසිවිලි නැගීමෙන් පලක් නැහැ - පැෆ්රල්

06 February, 2019

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ප්‍රධානතම වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට බව පැෆ්රල් සංවිධානය පවසයි. 

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දිවයින පුවත්පත සමග සිදුකල සාකච්ඡාවකදී වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයාටත් මේ පිළිබඳව වගකීමක් තිබෙන බවයි. ඔවුන් සියලු දෙනාම ජනතා බදු මුදලින් යැපෙන්නවුන් බවත් මැතිවරණ ප්‍රමාදවීම පිළිබඳව ජනතාවට මැසිවිලි නැඟීමෙන් කිසිම ප‍්‍රයෝජනයක් නොමැති බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී තවදුරටත් පෙන්වාදී ඇත.

දිවයින පුවත්පත සමග සිදුකරන ලද සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වේ.


 
පළාත් සභා කිහිපයකම කාලය ඉකුත් වී ඇත. එසේ වුව ද එම පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීමේ කිසිදු සූදානමක් නොමැත. එම පසුබිම තුළ අප පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම පිළිබඳව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් විමසා සිටියෙමු. එම මැතිවරණය නොපැවැත්වීම සහ පැවැත්වීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව ඒ මහතා පළ කළ අදහස් පහත පරිදි වේ.
 
 ප‍්‍රශ්නය - මේ වනවිට පළාත් සභා කිහිපයකම කාලය ඉකුත් වී තිබෙනවා. එම පළාත් සභාවල මැතිවරණ නොපැවැත්වීම ඔබ දකින්නේ කෙසේද?
 
පිළිතුර - ඇත්තටම ආණ්ඩු පක්‍ෂයත්, විපක්‍ෂයත් මෙම තත්ත්වය දකින්නේ ආණ්ඩුව කරන වරදක් වගේ. ඒ වගේම පසුගිය නිදහස් දින කතාවේදී ජනාධිපතිතුමා සඳහන් කළා පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන කතා නොකරන බව. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව කතා කරන රාජ්‍ය නොවන සංවිධාන මේ පිළිබඳවත් කතා කරන්න ඕනි කියන එකත් වැදගත් කාරණයක් තමයි.
 
එසේ වුවත් එම මැතිවරණ පැවැත්වීම පිළිබඳව වගකීම තිබෙන්නේ කාටද? ප‍්‍රධාන වශයෙන්ම එහි වගකීම තිබෙන්නේ ජනාධිපතිතුමාට සහ අග‍්‍රාමාත්‍යවරයා වෙත. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයාටත් මේ පිළිබඳව වගකීමක් තිබෙනවා. ඒ සියලූ දෙනාම ජනතාවගේ මුදලින් යැපෙන අය.
 
ජනතාව විසින් ආණ්ඩුව විධියට පත්කරගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා. ඒ දෙදෙනාගේ ප‍්‍රමුඛ වගකීම තමයි නිසි වෙලාවට මැතිවරණ පැවැත්වීම. ඒ පිළිබඳව ජතාවට මැසිවිලි නැඟීමෙන් කිසිම ප‍්‍රයෝජනයක් නෑ. ඔවුන් කැබිනට් මණ්ඩලයේදී සහ පාර්ලිමේන්තුවේදී අවශ්‍ය තීරණය ගත යුතුයි.
 
 ප‍්‍රශ්නය - ඔවුන් එම තීරණය නොගැනීමට හේතුව කුමක් විය හැකිද?
 
 පිළිතුර - පළාත් සභා මැතිවරණය කල් යෑම සාමාන්‍ය තත්ත්වය යටතේ සිදු වූ දෙයක් නොවෙයි. අපි හොඳටම දන්නවා මෙම මැතිවරණය කල් දැමීමේ පළමු උත්සාහය 20 වැනි සංශෝධනය ගෙන ඒම බව. මැතිවරණය එකම දිනයක පැවැත්විය යුතුය යන සංශෝධනය තමයි 20 වැනි සංශෝධනය විධියට ගෙන ආවේ. එම අවස්ථාවේදී දේශපාලන පක්‍ෂ කිහිපයක් සහ පැෆරල් සංවිධානය අධිකරණය හමුවට ගියා. අධිකරණය තීන්දු කළා එකම දිනයක පැවැත්වීම සඳහා මැතිවරණය කල් දැමිය නොහැකි බව. මොකද එහෙම වුණොත් මැතිවරණය පැවැත්වීමට සිද්ධ වෙන්නේ 2019 ඔක්තෝබර් මාසයෙදි. ඊට හේතුව තමයි ඌව පළාත් සභාවේ කාලය 2019 ඔක්තෝබර් මාසයේදී ඉකුත්වීම. එම උත්සාහය පරාජය වූවා අධිකරණය මැදිහත් වූ නිසා.
 
 මෙම මැතිවරණය කල් දැමීම සඳහා දරපු දෙවැනි උත්සාහය තමයි කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒම. ඒ සඳහා 
 
 එ. ජා. පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්බන්ධ වුවත් එ. ජා. පක්‍ෂය තමයි වැඩි දායකත්වය දැක් වූයේ. එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ තනි පිටුවක යෝජනාවක් ලෙස. එම නිසා කවුරුත් විරුද්ධ වූයේ නැහැ. අපෙන් ඇහුවා නම් අපිත් කියනවා හොඳයි කියලා. නමුත් කාරක සභා අවස්ථාවේදී එම යෝජනාවට පිටු 30 ක මැතිවරණ ක‍්‍රමය පිළිබඳ සංශෝධනයක් එක් කළා. පළමුව එකම දිනයක මැතිවරණය පැවැත්වීම හරහා එම මැතිවරණය කල් දැමීමට දරපු උත්සාහය පරාජය වූ පසු කාන්තා නියෝජනය හරහා එම සංශෝධනය ගෙනත් පාර්ලිමේන්තුවේදී සම්මත කළා. අලූත් මැතිවරණ ක‍්‍රමයේ සාධණීය ලක්‍ෂණත් තිබෙනවා. එසේ වුවත් එම අවස්ථාවේදී පැෆරල් සංවිධානය සහ සිවිල් සංවිධාන මැතිවරණ ක‍්‍රමය සංශෝධනය සඳහා ගෙන ආ යෝජනාවත් මැතිවරණය කල් දැමීම සඳහා ගෙන ආ එකක් බවට පුළුල් කතිකාවක් ආරම්භ කළා. දේශපාලනඥයනුත් ඒ පිළිබඳව ප‍්‍රශ්න කළා.
 
 එම අවස්ථාවෙදී ආණ්ඩුව ප‍්‍රකාශ කළා එම කටයුතු කාල රාමුවක් තුළ සිද්ධ කරන බවත් මැතිවරණය 2018 මාර්තු මාසයේදී පමණ පැවැත්මට සැලසුම් කරන බවත්. ඒ අනුව සීමා නිර්ණය සඳහා මාස 4 ක කාලයක් ලබාදෙන බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා විෂය භාර ඇමැතිවරයට මාසයක කාලයක් ලබාදෙන බවත්, ඉන් අනතුරුව මාසයක් තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන බවත් සම්මත නොවුණොත් සමාලෝචන කමිටුවක් දමා මාස 4 ක් තුළ සම්මත කරන බවත් සඳහන් කළා.
 
 කාල රාමුවක් දැමුව නිසා එම අවස්ථාවේදි අපත් හිතුවා අවංක බලාපොරොත්තුවකින් එම කටයුත්ත කළ බව. සීමානිර්ණ කමිටුව මාස 4 ක කාලය තුළ තමන්ගේ වාර්තාව ඉදිරිපත් කළා. එවකට සිටිය විෂය භාර ඇමැතිවරයාත් පනතට අනුව සතියක කාලයක් තුළ එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් එය මාසයක් තුළ පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ නෑ. මාස කිහිපයක්ම ඇදි ඇදි ගියා. අපිත් ඒ පිළිබඳව කථානායකතුමාගෙන් විමසුවා. පාර්ලිමේන්තුව සම්මත කළ නීතිය ක‍්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව අසමත් වෙනවා. එයට සමස්ත පාර්ලිමේන්තුවම වගකියන්න ඕනෑ.
 
 ඉන් අනතුරුව මාස කිහිපයකට පසුව අගමැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුව පත් කළා. එම කමිටුවේ කාලය අවසන් වීමට තිබුණෙ පසුගිය ඔක්තෝබර් 28 වැනිදා. නමුත් ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ ව්‍යවස්ථා විරෝධී කුමන්ත‍්‍රණයක් නිසා එම කමිටුව අහෝසි වූවා. නමුත් අවංකවම එම කමිටුව කටයුතු කළා නම් එම වාර්තාව දෙන්න තිබුණා. එසේ වුවත් එම කමිටුව අහෝසි වූ බව සඳහන් කරමින් එම කමිටුවේ සිටිය අය දැන් ගැලවීමේ උපක‍්‍රමයකුත් හදාගෙන තිබෙනවා. නමුත් අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රධාන එම කමිටුවට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නම් එම වාර්තාව ඉදිරිපත් කිරීමට පුළුවන්කම තිබෙනවා.
 
 ප‍්‍රශ්නය - දිනෙන් දින කල් යමින් තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා කළ යුත්තේ කුමක්ද?
 
 පිළිතුර - පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ක‍්‍රම දෙකක් තිබෙනවා. දින 51 ආණ්ඩුවත් පැරැුණි ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා යෝජනාවත් සම්මත කළ බව කියනවා. ගිය සතියේ ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන ආ බව කියනවා. මැයි මාසයේදී මැතිවරණය පැවැත්වීම සඳහා අපි කැබිනට් තීරණ බැලූවා. නමුත් එහි පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව සඳහන් වන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන්න ඇති. එසේ නොවුණා නම් මේ තරම් දුරට එම සංවාදය එන්න විදියක් නෑ.
 
 කෙසේ වුවත් ඉන් අනතුරුව අගමැතිතුමා සියලූ පක්‍ෂ සමග සාකච්ඡුාවක් පවත්වන බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අවස්ථා ගණනාවකදීම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පක්‍ෂ නායකයන් රැුස්කර තීන්දුවක් ගන්නා බව ප‍්‍රකාශ කළා. නමුත් මේ දක්වා නිශ්චිත තීන්දුවක් අරගෙන නෑ. පැරැුණි ක‍්‍රමයට මැතිවරණය තබනවද? අලූත් ක‍්‍රමයට තබනවද? කියන එක තීන්දු කළ යුතුයි. ඉන් පසුව ඊළඟ පියවරට යා යුතුයි.
 
 අපි ආණ්ඩුවට කියන්නේ මැතිවරණය පවත්වනවා නම් ක‍්‍රම දෙකක් තිබෙනවා. පැරැුණි ක‍්‍රමයට තබනව නම් ඒ සඳහා තිබෙන ඉතාම පහසු ක‍්‍රමය තමයි දැන් තිබෙන මැතිවරණ ක‍්‍රමයේ වලංගු දිනය 2020 දක්වා කල් දැමීම. පනතේ එක වගන්තියකින් ඒක කරන්න පුළුවන්. එවිට පැරැුණි ක‍්‍රමය ස්වභාවිකවම වලංගු වනවා, එතකොට මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට හැකි වෙනවා.
 
 දෙවැනි ක‍්‍රමය තමයි සීමානිර්ණ වාර්තාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා, ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීම. වෙනත් දේවල් කඩිමුඩියේ කරනවා නම් අගමැතිතුමා ප‍්‍රධාන කමිටුවට යළි 
 
 රැස්වෙලා මාසයක් වැනි කාලයක් තුළ එම සීමානිර්ණ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කිරීමට පුළුවන්කම තිබෙනවා. එසේ කටයුතු කළහොත් අලූත් ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමට පුළුවන් වෙනවා.
 
 ප‍්‍රශ්නය - පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට පැවැත්වීම සඳහා ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙන ආ බව වාර්තා වෙනවා. නමුත් එම යෝජනාව පාර්ලිමේන්තුවේදී 2/3 ක ඡුන්දයෙන් සම්මත වීම වැළැක්වීම සඳහා එ. ජා. පක්‍ෂය ඡුන්දය දීමෙන් වැළකී සිටීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.
 
 පිළිතුර - එ. ජා. පෙරමුණට මන්ත‍්‍රීවරු 106 ක් සිටිනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වීම යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආවොත් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලැබේවි. මුස්ලිම් කොංග‍්‍රසයට ඉන්නේ එක් මන්ත‍්‍රීවරයකු පමණයි. අනෙක් අය තරග කර තිබෙන්නේ එ. ජා. පක්‍ෂයත් සමග. එම පිරිසත්, මනෝ ගනේෂන් මහතාගේ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුනුත්, දිගම්බරම් මන්ත‍්‍රීවරයාත් පෙළගස්වා ගතහොත් පාර්ලිමේන්තුවේදී 2/3 ක් ලබාගැනීමට හැකි වෙනවා.
 
 කෙසේ වුවත් ජනාධිපතිතුමා පනතක් කැබිනට් එකට ගෙනත් තිබෙනවා නම් එය මීළඟ පියවරට ගෙන යා යුතුයි. එතකොට ජනතාවට කවුද ඡන්දයට අකමැති කියන එක 
 
 බලාගන්න පුළුවන් වෙනවා.
 
 ප‍්‍රශ්නය - මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරලා තිබෙනවා, ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැති නම් එතුමා ඉල්ලා අස්වීමට කටයුතු කරන බව.
 
 මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ තීරණය පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා බලපෑමක් වේවිද?
 
 පිළිතුර - ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය කියන එක තමයි නීතිමය තත්ත්වය. අපි හිතනවා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාටත් අවශ්‍ය නම් අධිකරණය හමුවට යෑමේ හැකියාව තිබෙන බව. අපි දන්නවා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිවත් මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ අධිකරණය හමුවට ගිය බව. මම හිතන්නෙ මැතිවරණ කොමිසමත්, අපිත් අධිකරණය හමුවට නොයන්න එක හේතුවක් තමයි අධිකරණ ක‍්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් ගතවීම. අපි පළාත් පාලන මැතිවරණය පිළිබඳව අධිකරණය හමුවට ගියහම එම නඩුව සඳහා වසරකුත් මාස තුනක පමණ කාලයක් ගත වූවා. නමුත් අපි අපේක්‍ෂා කළේ මාස තුනකින් පමණ විසඳුමක් ලැබේවි කියලා. අපි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවට යළිත් ගිය විට ඒ සඳහා වසරක පමණ කාලයක් ගත වනවා නම් එහිදී යුක්තිය ඉෂ්ට වෙන්නෙ නෑ. එම නිසා තමයි අපි කියන්නේ මෙබඳු මැතිවරණ සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් ඉක්මන් විසඳුම් ලබාගන්න පුළුවන් යාන්ත‍්‍රණයක් අවශ්‍ය බව. මැතිවරණ කොමිසම අධිකරණය හමුවට නොයෑමට එක හේතුවක් වෙන්න පුළුවන්.
 
 එහෙත් අපි විශ්වාස කරනවා ස්වාධීන කොමිසමක් ලෙස මැතිවරණ කොමිසම ඉදිරි පියවරයන් අත්හදා බැලිය යුතු බව.
 
 
 සාකච්ඡා කළේ 
 එරික් ගාමිණී ජිනප‍්‍රිය
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks