Breaking News
**පැමිණිලි ගණනට වඩා වැදගත්වන්නේ ඒ වෙනුවෙන් කරන මැදිහත්වීමයි - රෝහණ හෙට්ටිආරච්චි මහතා                      ** We are excited to announce that our PAFFREL Team has moved to a new location in Kirulapana                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සිවිල් සංවිධාන නියෝජිතයින් සහ කතානායකතුමන් අතර සාකච්ඡාවක්

25 September, 2018

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සංවිධාන නියෝජිතයින් පත්කිරීම පිළිඳව සාකච්ඡා කිරීම සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින්, ගරු කතානායකතුමන් සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මැතිතුමා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වින.

මෙහිදී එම නියෝජිතයින් තේරීම සඳහා කිසියම් විනිවිදභාවයක් සහිත ක්‍රමවේදයක් සකසන ලෙසද එම නියෝජිත පිරිස කතානායකතුමන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම සාකච්ඡාව සඳහා රෝහණ හෙට්ටිආරච්චි, ආචාර්ය ජෙහාන් පෙරේරා, අශෝක ඔබේසේකර, හේමන්ත විතානගේ, සමාදානි කිරිවන්දෙණිය, සකුන්තලා කදිරගාමර්, චාමින්ද රාජකරුණා, ක්‍රිස්ටෝබල් සවරිමුත්තු, රාජා කොල්ලුරේ, ජගත් ලියනාරච්චි, සුජීව ගයනාත්, අරමසා ටිගල්, අතුලසිරි සමරකෝන්, අමා ගුණතිලක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks