Breaking News
** ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි                      ** ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි                      **අපේක්ෂක ප්‍රචාරක වියදම් සීමාකිරීමේ කෙටුම්පත විෂය බාර අමාත්‍යවරයාට                     **ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න එපා - පැෆ්රල් අවධාරණය කරයි                     **ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා පැෆ්රල් අතර සාකච්ඡාවක්                     **මැතිවරණය කල්දැමීමට විවිධා හේතුසාධක දක්වන්න එපා - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි                      **පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි                     **මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සෙවීමට පැෆ්රල් වෙතින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක්                      **මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි                     **මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව                      ** සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන මසක් ඇතුළත ගැසට් කරනවා - පැෆ්රල් පෙත්සම හමුවේ අමාත්‍යාං                     **සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි                     **PAFFREL writes to the Commissioner of Elections                     **සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි                     **ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න - පැෆ්රල් සංවිධානය කියයි                     **නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්                     ** නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට                      **සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි                     **සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි                      
Home › PAFFREL Community › News

පෙත්සම්කරුවන් සීමානිර්ණ වාර්තාවේ අගමුල මුල වත් දන්නවා වෙන්න බෑ - රෝහණ හෙට්ටිආරච්චි මහතා

21 November, 2017

වසර දෙකක කාලයකට වඩා වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ පැවති ආණ්ඩුවද පවතින ආණ්ඩුවද යන්න සම්බන්ධයෙන් තර්ක කිරීම ඵලක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසයි.

අද කොළඹ සාමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවති මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන්හි ඒකාබද්ධ මාධ්‍යය හමුවට එක්වෙමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වාදුන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කිරීමට පාලකයින් ඉඩ අහුරවමින් සිටින බවයි.

පළාත් පාලන මැතිවරණ වසර දෙකකට අධීක කාලයක් මුලුල්ලේ  රට තුළ පැවැත්වී නොමැති බවත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව අවසන් වරට පළාත් පාලන මැතිවරණයක් වෙනුවෙන් ඡන්දය භාවිතකොට ඇත්තේ 2008 වසරේදී බවත් පෙන්වාදුන්නේ විධායක අධ්‍යක්ෂතුමා වැඩිදුරටත් පෙන්වාදුන්නේ පුදුකුඩුඉරිප්පු  ප්‍රදේශයේ ජනතාව අවසන් වරට පළාත් පාලන මැතිවරණයක් වෙනුවෙන් ඡන්දය භාවිත කොට ඇත්තේ 1970 දශකයේදී බවයි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයක් අපේක්ෂාවෙන් රටේ පුරවැසියන් සිටින මොහොතක සීමානිර්ණ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පුරවැසියන් 6 දෙනෙකු පෙත්සම් ගොනුකිරීම අසාමාන්‍ය බවත් එම වාර්තාව නිකුත් වී මාස 9 ක් ඉක්මවී මැතිවරණයක් අභියස මෙවැනි පෙත්සමක් ගොනුකිරීම තුළින් පැහැදිලි සැකයක් මතුවන බවයි හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ.

ඕනෑම පුරවැසියෙකු තමන් අසාධාරණයකට පත්වන අවස්ථාවකදී ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් නීතියේ පිහිට පැතීමේ වරදක් නොමැති බවත් පෙත්සම ගොනුකල පුරවැසියන් 6 දෙනාගේ අයිතිය සම්බන්ධයෙන් කිසිසේත් අභියෝගයට ලක්නොකරන බවත් සීමානිර්ණ කොමිසම විසින් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගොස් ජනතාවගේ මත විමසන අවස්ථාවේදී ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේද යන්න සම්බන්ධයෙන් දැනගැනීමට ජනතාව මහත් උනන්දුවකින් පසුවන බවත් ඔහු වැඩිදුරටත් එහිදී සඳහන්කොට සිටියේය.

එමෙන්ම මෙම පෙත්සම්කරුවන් සයදෙනා සැබැවින්ම ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටින අයනම් ඔවුන්ට මාධ්‍යය හමුවේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලැබිය යුතු බවත් මාධ්‍යය ඉදිරියට විත් කරුණු පවසන ලෙසට ඔවුන්ට ආරාධනා කරන බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී පැවසීය.

තවද පැෆ්රල් සංවිධානය ප්‍රමුඛ නිරීක්ෂණ සංවිධානවල විශ්වාසය වන්නේ මෙම පෙත්සම්කරුවන් සීමානිර්ණ වාර්තාවේ දිග පළල සම්බන්ධයෙන් හෝ අවබෝධයක් නැති අය බවට විශ්වාස කරන බවත් දේශපාලනික අරමුණක් මත මෙය සිදුවන බවට විශ්වාස කරන බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේය.

එමෙන්ම මෙම පෙත්සම්කරුන් ඔවුන්ට සිදුව ඇති අසාධාරණය රට හමුවේ ප්‍රකාශකොට පැහැදිලි කල හැකි නම් ඔවුන්ට සීමානිර්ණ කොමිසමෙන් සිදුවූ අගතිය පෙන්වාදිය හැකි නම් පැෆ්රල් සංවිධානයද ඔවුන් වෙනුවෙන් පෙනීසිටීමට පසුබට නොවන බවයි විධායක අධ්‍යක්ෂතුමා සඳහන්කොට සිටියේ. 
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
12/3, Robert Terrace,Robert Gunawardana Mawatha,
Colombo 6, Sri Lanka.
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks