Breaking News
**මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සෙවීමට පැෆ්රල් වෙතින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක්                      **මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි                     **මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව                      ** සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන මසක් ඇතුළත ගැසට් කරනවා - පැෆ්රල් පෙත්සම හමුවේ අමාත්‍යාං                     **සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි                     **PAFFREL writes to the Commissioner of Elections                     **සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි                     **ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න - පැෆ්රල් සංවිධානය කියයි                     **නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්                     ** නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට                      **සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි                     **සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි                      
Home › PAFFREL Community › News

සුදුසුකම් ලත් සියල්ලන් ඇතුළත් කර ඡන්දහිමි නාමලේඛන ප්‍රති‍ශෝධනයට දායකවන්න

04 May, 2017

2017 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල මූලික අදියරේ කටයුතු මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදුකරමින් සිටින බවත් සුදුසුකම් සහිත කිසිවෙකුත් අත් නොහැරෙන ඡන්දහිමි නාමලේඛනයක් සකස් කිරීමට දායකවීම වගකීම් සහගත පුරවැසියන් ලෙස අප සැමගේම වගකීමක් බව විශ්වාස කරන බවත් පැෆ්රල් සංවිධානය පවසයි.

සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත ලිපියක් නිකුත් කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ මෙම කටයුත්තේදී දේශපාලන පක්ෂ වලට පැවරෙනුයේ අසීමිත වගකීමක් බවයි. එමෙන්ම සෑම වර්ෂයකදීයම ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට දායකවීමට දේශපාලන පක්ෂවලට හැකියාව ලැබෙන බවත් පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා සිය ලිපිය මගින් දක්වා ඇත.

එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඔබතුමන් වෙත එවන ලද ලිපිවලට අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් ඒ සඳහා පක්ෂයේ නියෝජිතයින් පත් කරනොමැති නම් කඩිනමින් එම නියෝජිතයින් පත්කරන ලෙසයි. 

තවද විධිමත් පුහුණවක් සහිත නියෝජිතයින් යෙදවීම හරහා සුදුසුකම් සහිත සියළුදෙනාගේ නම් ඇතුලත් කිරීමටත්, එමෙන්ම යම් පුද්ගලයෙකු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ලියාපදිංචි වීමට උත්සහ කරන්නේ නම් එවැනි පුද්ගලයින් ඉවත් කිරීමටත් අවකාශ සලසනු ඇති බවත් හෙට්ටිආරච්චි මහතා සිය ලිපිය මගින් දක්වා ඇත.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
12/3, Robert Terrace,Robert Gunawardana Mawatha,
Colombo 6, Sri Lanka.
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks