03 August, 2020
පාර්ලිමේන්තු මැතිවරණයේ නිහඬ කාලසීමාව ආරම්භවූ අද (03) දේශපාලන වශයෙන් බරපතල සිදුවීම් වාර්තා විය හැකි යයි හඳුනාගත් ප්රදේශයන් වෙත ජංගම නිරීක්ෂණ රථ පිටත්කර හැරීම සිදුවිය.
එම ජංගම නිරීක්ෂණ රථ දිවයිනම ආවරණය වන පරිදි යොදවා ඇති අතර නිහඬ කාලසීමාව තුළදී මෙන්ම පශ්චාත් මැතිවරණ සමයේදීද එම නිරීක්ෂණ කණ්ඩායම් සිය නිරීක්ෂණ කටයුතු වල නියැලීමට සූදානම්ව ඇත.