Breaking News
** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     **පැෆ්රල් සංවිධානයෙන් ජනපති ලේකම්වරයාට ලිපියක්                      ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කේ. වේලායුදම් මහතා දශක දෙකක නිරීක්ෂණ කටයුතු නිමාකරයි

19 November, 2019

දශක දෙකකට අධික කාලයක් මුලුල්ලේ පැෆ්රල් සංවිධානයේ මැතිවරණ නිරීක්ෂකයෙකු වශයෙන් කටයුතු කල හපුතලේ පදිංචිව සිටි කේ. වේලායුදම් මහතා පසුගිය 16 වනදා හදිසියේ අභාවප්‍රාප්ත විය.

එදින පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදීද වේලායුදම් මහතා නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයන විට 63 වන වියෙහි පසුවිය.

සමාජ අසාධාරණයන්ට නිරන්තරයෙන් ලක්වන වතු ආශ්‍රිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව පෙනී සිටි සිවිල් ක්‍රියාධරයෙකු වූ වේලායුදම් මහතා වාර්ගික සමගිය ගොඩනැගීමෙහිලාද සුවිශේෂී කාර්භාරයක නිරතවිය.

පුරවැසි භූමිකාව නිවැරදිව ඉටුකරමින් සිටි පුරවැසියෙකුගේ මෙම අකල් වියෝව පැෆ්රල් සංවිධානයට මෙන්ම රටටද බලවත් පාඩුවක් වන අතර ඔහු පතන ආත්ම ශාන්තිය අත්වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks