Breaking News
** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      **ප්‍රචාරණ වියදම් සීමාකිරීමට නීතිමය රාමුව ශක්තිමත් කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි                     ** ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි                      ** ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි                      **අපේක්ෂක ප්‍රචාරක වියදම් සීමාකිරීමේ කෙටුම්පත විෂය බාර අමාත්‍යවරයාට                     **ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න එපා - පැෆ්රල් අවධාරණය කරයි                     **ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා පැෆ්රල් අතර සාකච්ඡාවක්                     **මැතිවරණය කල්දැමීමට විවිධා හේතුසාධක දක්වන්න එපා - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි                      **පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි                     **මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සෙවීමට පැෆ්රල් වෙතින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක්                      **මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි                     **මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව                      ** සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන මසක් ඇතුළත ගැසට් කරනවා - පැෆ්රල් පෙත්සම හමුවේ අමාත්‍යාං                     **සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි                     **PAFFREL writes to the Commissioner of Elections                     **සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි                     **ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න - පැෆ්රල් සංවිධානය කියයි                     **නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්                     ** නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට                      **සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි                     **සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි                      
Home › PAFFREL Community › News

ගැටුම් පැවති දින දෙකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ දීමනා ලෙස ලක්ෂ 10 කට අධික මුදලක්

11 January, 2019

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ  පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පැවති දින දෙකට අදාලව පැෆ්රල් සංවිධානය විසින් පාර්ලිමේන්තු‍වෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසන ලද කරුණු කිහිපයකට අදාල පිළිතුරු පාර්ලිමේන්තුව විසින් පැෆ්රල්  සංවිධානය වෙත යොමුකර ඇත.

පැෆ්රල් සංවිධානය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසා සිටියේ පසුගිය නොවැම්බර් 15 හා 16 දෙදින පාර්ලිමේන්තු රැස්වීම සදහා සහභාගීවූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව,  එම දිනවලට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගෙවන ලද පැමිණීමේ දීමනාවන්ට අදාල තොරතුරුයි.

රටට පූර්වාදර්ශ සැපයිය යුතු පාර්ලිමේන්තුව තුළ ඇතිවූ එම නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ විනය විරෝධී ක්‍රියාකලාපය රටට මහත් අපකීර්තියක් අත්කරදුන් අවස්ථාවක් වශයෙන් සඳහන් කල හැකිය.  

රටක පවතින උත්තරීතරම ආයතනය, රටට නීති සම්පාදනය කරන ආයතනය වැනි කුමන නමකින් හැඳින්වුවද මෙම ගැටුම්කාරී තත්ත්වයට මැදිහත්වූ බොහෝමයක් මන්ත්‍රීවරුන්ට තමන්ගේ ධූරයෙහි වටිනාකම හා තමන් කුමක් අරභයා පාර්ලිමේන්තුවට පත්ව සිටින්නේද යන්න පවා හඳුනාගැනීමට නොහැකිවී ඇති බවයි එම දින දෙක නීරීක්ෂණය කිරීමේදී පෙනීයන්නේ.

එම දින දෙක තුළ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සලකාබලා ඉදිරි මැතිවරණවලදී ඡන්දදායකයා තමන්ගේ ඡන්දය භාවිත කරන්නේ නම් මෙවැනි අපකීර්තිමත් අවස්ථාවන්ගෙන් රට මුදවාගැනීමට මෙන්ම රටට ජනතාවට වගකියන මහජන නියෝජිතයින් පත්කරගැනීමටද හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි.

පාර්ලිමේන්තුව තුළ එම දින දෙක තුළදී ප්‍රචණ්ඩකාරීව හැසිරුණු මහජන සම්පත් විනාශ කල මහජන නියෝජිතයින්ටද පැමිණීමේ දීමනා ලෙස ලෙස 1,093,500 ක මුදලක් ගෙවා ඇති බව තොරතුරු දැනගැනීමේ පනත යටතේ අනාවරණය වී ඇත.

සිතා බලන්න... 
 
 
www.paffrel.com/posters/1901111601511.pdf
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
12/3, Robert Terrace,Robert Gunawardana Mawatha,
Colombo 6, Sri Lanka.
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks