Breaking News
**අපේක්ෂක ප්‍රචාරක වියදම් සීමාකිරීමේ කෙටුම්පත විෂය බාර අමාත්‍යවරයාට                     **ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න එපා - පැෆ්රල් අවධාරණය කරයි                     **ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා පැෆ්රල් අතර සාකච්ඡාවක්                     **මැතිවරණය කල්දැමීමට විවිධා හේතුසාධක දක්වන්න එපා - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි                      **පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි                     **මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සෙවීමට පැෆ්රල් වෙතින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක්                      **මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි                     **මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව                      ** සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන මසක් ඇතුළත ගැසට් කරනවා - පැෆ්රල් පෙත්සම හමුවේ අමාත්‍යාං                     **සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි                     **PAFFREL writes to the Commissioner of Elections                     **සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි                     **ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න - පැෆ්රල් සංවිධානය කියයි                     **නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්                     ** නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට                      **සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි                     **සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි                      
Home › PAFFREL Community › News

අපේක්ෂක ප්‍රචාරක වියදම් සීමාකිරීමේ කෙටුම්පත විෂය බාර අමාත්‍යවරයාට

03 August, 2017

අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමාකිරීම වෙනුවෙන් වන කෙටුම්පතක් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත අද බාරදෙනු ලැබින.

මෙම කෙටුම්පත බාරදීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවති අතර ඒ සඳහා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, භාණ්ඩාගාරික ක්‍රිස්ටෝබල් සවරයිමුත්තු, ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක යන මහත්වරුන් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමානොකිරීම තුළින් ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීම ඇතුළු මැතිවරණවලදී තිබිය යුතුම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් උල්ලංඝනය වන බවයි.  එමෙන්ම මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමානොකිරීම තුළ රට තුළ දේශපාලනයට උනන්දුවක් දක්වන රටට සැබැවින්ම සේවය කල හැකි පිරිස් පසුගාමී වන බවයි හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ.

තවද මෙම කෙටුම්පත සැකසීමෙහිලා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් කැබිනට් අනුකාරක සභාවකදී සිදුකර තිබූ යෝජනාව ඉවහල්වූ බවත් ඒ අනුව සකස්කල කෙටුම්පත අමාත්‍යවරයාට බාරදීම සිදුකරන බවත් සිය උත්සාහය වන්නේ එය අමාත්‍යවරයා පොරොන්දුවූ පරිදිම පාර්ලිමේන්තුව තුළින් සම්මතකොට නීතියක් බවට පත්කිරීම බවත් නීති සම්පාදනය කිරීමේ හැකියාව පවතින්නේ උත්තරීතර පාර්ලිමේන්තුවට බැවින් මැතිවරණ කොමිෂන් සභාව හා පැෆ්රල් ඇතුළු නිරීක්ෂණ සංවිධාන මෙම කෙටුම්පත සකස්කිරීම මගින් සිදුකරනු ලැබුවේ පහසුකාරක කාර්යයක් පමණක් බවත් පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා එහිදී තවදුරටත් පෙන්වාදුන්නේය.

එමෙන්ම අමාත්‍යවරයා විසින් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඉදිරි මැතිවරණයන්ට පෙර නීතියක් බවට පත්කරගතහොත් එය අතිශය වැදගත් වනු ඇති බවයි ඔහු පෙන්වාදුන්නේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා එහිදී පැවසූයේ පැෆ්රල් හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමාකිරීම සම්බන්ධයෙන් දක්වන උනන්දුව අතිශයින් ප්‍රශංසනීය එකක් බවයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
12/3, Robert Terrace,Robert Gunawardana Mawatha,
Colombo 6, Sri Lanka.
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks