Breaking News
**පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි                     **මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සෙවීමට පැෆ්රල් වෙතින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක්                      **මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි                     **මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව                      ** සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන මසක් ඇතුළත ගැසට් කරනවා - පැෆ්රල් පෙත්සම හමුවේ අමාත්‍යාං                     **සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි                     **PAFFREL writes to the Commissioner of Elections                     **සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි                     **ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න - පැෆ්රල් සංවිධානය කියයි                     **නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්                     ** නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට                      **සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි                     **සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි                      
Home › PAFFREL Community › News

ඡන්දය පාවිච්චි කිරීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමක් - මැතිවරණ කොමිසමේ සභාපති

02 June, 2017

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් සහතිකකර ඇති ජනතාව සතු ජනතා පරමාධිපත්‍ය සැබෑ ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ ඡන්ද බලය හරහා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

සභාපතිවරයා මේ බව පැවසූයේ ඡන්ද හිමියන්ගේ දිනය සැමරීම වෙනුවෙන් අද මීගමුව නගර ශාලාවේදී පැවති උත්සවයකදීය. එහිදී දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේ ඡන්දය භාවිත කිරීම පුරවැසියන්ගේ වගකීමක් මෙන්ම අයිතියක්ද වන බවයි.

එමෙන්ම රටේ නිතිය හදන්නේ , මහජන නියෝජිතයින්  පත්කරන්නේ ජනතාව බවත් රටේ ජනගහනයෙන් සියයට 52 ක් වන කාන්තාවන් බවත් පැවසූ දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිතයන් 120 ක් වත් සිටිය යුතු වුවත් එය 13 ක් වීම සම්බන්ධයෙන් කණගාටුවන බවයි.

එම ප්‍රමාණය වැඩිවිය යුතු බවද සභාපතිවරයා එහිදී පෙන්වාදිය යුතු අතර විශේෂයෙන්ම රූපවාහිනී ඇතුළු ජනමාධ්‍යයන්හි ප්‍රවෘත්ති සමබර විය යුතු බවත් ජනතා විශ්වාසය ඇතිකරලීම වෙනුවෙන් ඔවුන් වගකීමෙන් කටයුතු කල යුතුව ඇති බවත් සමහර ප්‍රවෘත්තීන්හි කොටස් පමණක් විකාශනය කිරීම නොකල යුත්තක් බවත් නිවැරදි දේ ජනතාව අතර යා යුතු බවත් සභාපතිවරයා පැවැසීය.

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
12/3, Robert Terrace,Robert Gunawardana Mawatha,
Colombo 6, Sri Lanka.
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks